අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නිපුණ ශ්‍රී ලංකා" නමින් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන වැඩසටහනක්

    මැයි 10, 2014

    මහින්ද චින්තන වැඩපිළිවෙළත් සමඟ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ක්‍රියාවලියක් දැනටමත් සැලසුම් කර තිබෙන අතර "නිපුණ ශ්‍රී ලංකා"ලෙස හඳුන්වන එයට දැනටමත් කැබිනට් අනුමැතිය ලැබි ඇති බවත් දිස්ත්‍රික් මට්ටමින් පමණක් නොව ග්‍රාමීය මට්ටමින් ද මෙම නිපුණ මධ්‍යස්ථාන ඇති කිරීම ප්‍රධාන අරමුණක් බවත් විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා විවාදයට ගත් අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පිළිතුරු වශයෙනි.


    ගම තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමත් මෙහි එක් අරමුණකි. මේ තොරතුරු මධස්ථානවල තොරතුරු ආරක්ෂා කිරීමේ අයිතිය සර්ට් නම් ආයතනයකට ලබා දී තිබෙනවා. ICTA ආයතනය සමඟ ඒකාබද්ධ වෙමින් මේ තොරතුරු මධ්‍යස්ථාන විධිමත්ව පවත්වාගෙන යාමටත් සියලුම රාජ්‍ය ආයතන පරිගණකගත කිරීමටත් සැලසුම් කර ඇතැයි ඔහු කීවේය.


    1919 ඔස්සේ සියලු රාජ්‍ය ආයතන තොරතුරු ලබා ගත හැකියි. මේ කතා කරන නිපුණ ශ්‍රී ලංකා වැඩසටහන ලබන අයවැයත් සමඟ හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya