අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සේවකයාට වයස 60 දක්වා සේවය කළ හැකියි

    මැයි 10, 2014

    අනිවාර්ය විශ්‍රාම යාමේ කාලය අවුරුදු 65 දක්වා දීර්ඝ කළහොත් වත්මන් තරුණ පරම්පරාවට රාජ්‍ය සේවයට ඇතුළුවීමට තවත් වසර 05ක කාලයක් බලා සිටින්නට සිදුවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා විවාදයට ගත් අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට පිළිතුරු වශයෙනි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, උපාධිධාරීන්ට රැකියා දුන්නේ තෝරලා නෙමෙයි. එජාපයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකුටත් උපාධිධාරී පත්වීම් දුන්නා. රාජ්‍ය සේවයට බඳවා ගන්නා සියලුම රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ වරප්‍රසාදය තියෙනවා. විකල්ප විශ්‍රාම යන වයස අවුරුදු 55ක් වුණත් නිලධාරියාගේ කැමැත්ත මත වයස අවුරුදු 57 දක්වා සේවය කිරීම සඳහා ඉල්ලීමට හා ප්‍රධානියාගේ කැමැත්ත මත අවුරුදු 60 දක්වා සිටීමට අවස්ථාව තිබුණා. නමුත් 2012දී ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මඟින් රජයේ සේවකයාට සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමකින් තොරව අනිවාර්ය විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා සිටීමට අවස්ථාව ලබා දී තිබෙනවා යැයි ඔහු පැවසීය.


    මෙය රාජ්‍ය සේවය සුරක්ෂිත කිරීමට මේ රජය ගත් වැඩපිළිවෙළේ එක් පියවරකි. ‍මීට පෙර පැවති රජයන්, රාජ්‍ය සේවය හකුලන්නට පිඹුරුපත් සකස් කළා. විපක්ෂය ඉල්ලා සිටින විදියට අවුරුදු 65 දක්වා විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කළහොත් තරුණ පරපුරට රජයේ සේවයට ඒමට වසර 5ක් බලා සිටිය යුතුයි. මේ යෝජනාව තුළ සැඟවුණු අරුත තරුණ පරම්පරාවට රැකියා ලබා නොදී සිටින ලෙසට කරන යෝජනාවක්ද යන්න මේ සභාවේ අවධානය යොමු විය යුතු යැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya