අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තලාව මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට

    මැයි 10, 2014

    අනුරාධපුර, තලාව මහා විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිසු අයිතියට පැවරිණි.


    මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද විමසා බැලීය.


    රටපුරා මහින්දෝදය පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකළ මෙය අංග සම්පූර්ණ ගණිතාගාරයකින්, පරිගණක 25කින් සමන්විත භාෂාගාරයකින්, පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයකින් සහ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් සමන්විතය.


    ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අනිද්දා (11) පැවැත්වෙන ලෝක නව නිර්මාණ තරගාවලියට සහභාගි වන තඹුත්තේගම මහා විද්‍යාලයේ 12 වන වසරේ ඉගෙනුම ලබන නාමල් උදාර සිසුවාට ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    NDH/pmu

     

    02

    03

    Talawa M. V. Mahindodaya Technical Lab

    Mahindodaya Technical Lab at Talawa M. V 1

    Mahindodaya Technical Lab at Talawa M. V 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya