අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව වටා දූෂණයෙන් තොර සමුද්‍රීය පරිසරයක් ඇති කිරීමට කටයුතු කරනවා

    මැයි 10, 2014

    වසර 2020 වන විට ශ්‍රී ලංකාව වටා දූෂණයෙන් තොර සමුද්‍රීය පරිසරයක් ඇති කිරීමට සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ අධිකාරියත් අනෙක් ආයතනත් සමග එක්ව කටයුතු කරන බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    පත් කළ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා එසේ කීය.

     

    සමුද්‍ර දූෂණය වැලැක්වීමේ පනත 2009 වසරේ සිට ක්‍රියාත්මක වෙන බවත් ගොඩබිමෙන් මුහුදට එකතු වන අපද්‍රව්‍ය පාලනය කිරීමට කටයුතු යොදා තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මන්නාරම සමුද්‍ර ද්‍රෝණියේ ස්වභාවික වායුව ඇති බවට දැනට එහි කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ද පැවසීය.

     

    ශ්‍රී ලංකා මුහුද නාවික මාර්ගයක් ලෙස වාණිජ නෞකාවන් 300 - 350ක් පමණ දිනපතා භාවිත කරනවා. එම ඇතැම් නැව් නිසා අධික සමුද්‍ර දූෂණයක් සිදු වෙන බව ද අමාත්‍යවරයා කීය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya