අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ආරක්ෂණ රැකියාවේ නිරතවිය යුත්තේ නීත්‍යනුකූල සුදුසුකම් ඇති අයයි

    මැයි 09, 2014

    මුහුදු ආරක්ෂක රැකියාවේ නිරතවිය යුත්තේ පුහුණුව හා අදාළ නීත්‍යනුකූල සුදුසුකම් සහිත පුද්ගලයන් බව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ බව කීය.


    රක්නා ආරක්ෂණ ලංකා ලිමිටඩ් සමාගමේ සේවකයන්ට පමණක් මුහුදු ආරක්ෂක සේවයේ නිරතවීම සඳහා හිමිකම් ඇති බවට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ලිපි නිකුත් කර නැත. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව ශ්‍රී ලංකා රජය බැඳී සිටිනවා අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට. රටේ අලුත් නීති තිබෙනවා නම් ඒ පුහුණුව ලබාදීම රජයේ වගකීම බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya