මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ජූලි මස අරඹනවා

    මැයි 09, 2014

    කුරුණෑගල නගරයේ හා තදාසන්න ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා චීන රජයේ ණය ආධාර හා ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් රුපියල් මිලියන 13,250ක වියදමින් කුරුණෑගල ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරන බව අද (09) පාර්ලිමේන්තුවට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ. 


    මේ බව වාර්තා වූයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. ප්‍රශ්නය ඇසීමට මන්ත්‍රීවරයා සභා ගැබේ නොසිටියේය.


    මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිලාභීන් 43,000ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ද ප්‍රතිලාභීන් 75,000ක් සඳහා පානීය ජලය ද සැපයෙනු ඇත.


    මේ සඳහා යොදා ගැනීමට නියමිත ජල මූලාශ්‍ර වන්නේ දැදුරු ඔය, කුරුණෑගල වැව, ටැම්පාන ජල යෝජනා ක්‍රමය හා වෙන්ඩරු වැවයි. මේ ව්‍යාපෘතිය ලබන ජූලි මස සිට ඉදිකිරීම් ආරම්භ කරන අතර 2017 පෙබරවාරි මාසය වන විට අවසන් කිරීම ප්‍රධාන ඉලක්කයයි.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya