අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂ නියෝජනය අවශ්‍යයි

    මැයි 09, 2014

    උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එයට යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර විපක්ෂයටත් කාරක සභාධූර ලබාදුන් බවත් එම කාරක සභාවට පැමිණෙන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට දුන් පිළිතුරෙන් පසු ව නැඟු අතුරු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


    මෙම තේරීම් කාරක සභාව පක්ෂ නායක රැස්වීමේ දී එකඟත්වයකට පැමිණ පිහිටුවා ගත් අතර එයට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවා එකඟ වුණා. මේ ගැටලු නිරාකරණය කර ගැනීමට යෝජනා ඉදිරිපත් කිරීමට එයට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට ආරාධනා කරන බවත් පක්ෂයෙන් ඔබ නම් කරන්නේ නැතිනම් අප ඔබතුමා නම් කරන්න එකඟ බවත් ගුණවර්ධන මහතා කීය.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya