අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාළු ටින් 89,213,300ක් මෙරට නිපදවා තිබෙනවා

    මැයි 09, 2014

    මෙරට මාළු ටින් කිරීමේ කර්මාන්ත ශාලාව ආරම්භයේ සිට 2014 අප්‍රේල් දක්වා කාලසීමාවේ මාළු ටොන් 1640ක් පමණ මාළු ප්‍රමාණයක නිෂ්පාදන කටයුතු සිදුකළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


    ලංකා ධීවර සංස්ථාව හා හැපී කුක් (Happy Cook)ආයතනය අතර ඒකාබද්ධව මේ නිෂ්පාදන සිදු කරයි. මේ වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ නිෂ්පාදිත මාළු ටින් ප්‍රමාණය 89,213,300ක් පමණ වේ.


    එහිදී අගය එකතු කිරීම මත ගෙවන ලද දේශීය බදු ප්‍රමාණය රුපියල් මිලියන 150ක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya