අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් බද අධීක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා

    මැයි 09, 2014

    උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙහිලා අනුගමනය කරන ඉදිරි පියවරක් වශයෙන් පළාත් බද අධීක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා පසුගිය 20 දින සිට බලාත්මක වන පරිදි නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ගය ප්‍රතිව්‍යූහගත කිරීමට පියවර ගෙන ඇති බවයි.


    නව ක්‍රමය යටතේ එක් එක් පළාත තුළ පැන නඟින සියලුම අපරාධ හා සිවිල් කටයුතු පිළිබඳ පියවර ගැනීම සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල්වරුන් 09 දෙනෙකු පත් කොට ඇත. ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ට සහය වනු ඇත. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල්වරුන් දෙදෙනෙකු විසින් සිවිල් හා අපරාධ කොට්ඨාස සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කරනු ලබන බවත් එක් එක් පළාත්වල අධීක්ෂණ කටයුතු සිදු කරන අනෙකුත් නිලධාරීන්ගේ කටයුතුත් සම්බන්ධීකරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    නව වැඩපිළිවෙළේ අරමුණ පොලිස් දෙපාර්තමේන්තුව හා පළාත් අතර සමීප සම්බන්ධතා ගොඩනැංවීමයි. ඒ අනුව නීතිපතිවරයාගේ මාර්ගෝපදේශය හා අධීක්ෂණය අවශ්‍ය කෙරෙන්නා වූ සියලුම කරුණු සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පළාත් ලේකම් සහ වෙනත් අමාත්‍යාංශ ලේකම්වරුන්ද සමඟ ඍජු සම්බන්ධතා පවත්වාගෙන යාමට පළාත් බද කටයුතු කරන අතිරේක සොලිස්ටර් ජනරාල්වරුන්ට අවස්ථාව ඇත. මේ
    දක්වා පොලිස් නිලධාරීන් 6700 දෙනෙකුට වැඩි පිරිසක් වෙනුවෙන් මානව හිමිකම් පිළිබඳව පුහුණුව ලබාදීම ද අඛණ්ඩව සිදු කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya