අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අනුරාධපුර විහාරස්ථාන රැසක නායක හිමිවරුන් බැහැදකියි

    මැයි 08, 2014

    අනුරාධපුරයේ හෙට (09) පැවැත්වෙන වැඩසටහන් රැසකට සහභාගිවීම සඳහා එහි ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (08) පස්වරුවේ විහාරස්ථාන රැසකට ගොස් එහි නායක හිමිපාණන් වහන්සේලා බැහැදැක සුවදුක් විමසීය.


    පළමුව අනුරාධපුරයේ අභයගිරි විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්හි නිරතව ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා විහාරධිපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන් වහන්සේගේ සුවදුක් විමසීය.


    ඉන් පසු කුට්ටම්පොකුණ විහාරය වෙත ගිය ජනාධිපතිතුමා එහිදී ද ආගමික වතාවත්හි නිරතව ආශිර්වාද ලබා ගත්තේය. විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුරාධපුර දිසා පාලක පූජ්‍ය ඉහළගම පවරකිත්ති නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසමින් සුහද පිළිසඳරක නිරත විය.


    ඉන් අනතුරුව ජනාධිපතිතුමා අනුරාධපුර පූර්වාරාම විහාරස්ථානය වෙත ගියේය. විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන් වහන්සේට පිරිකර පූජා කළේය.


    ථූපාරාම විහාරස්ථානය වෙතත් ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය අක්මීමන පියරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.


    තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නායක හිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන් වහන්සේ සමඟ ද සුහද පිළිසඳරක නිරත විය.

     

    NDH/pmu-pix by lalith walivitigoda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya