අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූතාන අග විනිසුරු ජනපති හමු වේ

    මැයි 09, 2014

    ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන “බෞද්ධ විනිශ්චය ක‍්‍රමය” පිළිබඳ සමුළුවට සහභාගී වීමට පැමිණි භූතානයේ අග විනිසුරු ලියොන්පෝ සොනාම් ටොබ්ගී (Lyonpo Sonam Tobgye) මහතා අද (09) සවස අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය.


    ශ‍්‍රී ලංකාව සහ භූතානය අතර දිගුකාලීන සංස්කෘතික සබඳතා සිහිපත් කළ ටොබ්ගී අග විනිසුරුතුමා, බෞද්ධ ඉගැන්වීම් සහ විනිශ්චය ක‍්‍රමය හැම අතින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුකූල බව පැවසීය. මනුෂ්‍යයාට ප‍්‍රීතිමත් ජීවිතයක් අත්කර දීමට බුද්ධ ධර්මය උපයෝගී කර ගත හැකි බව ඔහු සඳහන් කළේය.


    ශ‍්‍රී ලංකාවට සාමය උදා කර දීම පිළිබඳව භූතාන අග විනිසුරුතුමා ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාට ප‍්‍රශංසා කළේය.


    බෞද්ධ විනිශ්චය ක්‍රම පිළිබඳ දෙරට අතර හුවමාරු හා පුහුණු වැඩසටහන් සංවිධාන කිරීමේ ඉඩකඩ සොයා බැලීමට ජනාධිපතිතුමා යෝජනා කළේය. ඊට අදාළ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම ගැන අවධානය යොමු කළ යුතු බව ද එතුමා කීය.


    භූතාන මහාධිකරණ විනිසුරු ලූන්ටන් ඩුබියර් මහතා භූතාන අග විනිසුරුතුමා සමග විය.

     

    අගවිනිසුරු මොහාන් පීරිස් මහතා, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න සහ වැඩබලන නීතිපති බිම්බා තිලකරත්න යන මහත්මීහු ද ජනාධිපති නීතීඥවරුන් වන මනෝහර ද සිල්වා සහ ප‍්‍රශාන්ත ද අල්විස් යන මහත්වරු සාකච්ඡාවට සහභාගී වූහ.


    ඡායාරූප බලාපොරොත්තුවන්න

     

    HC/NP_PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya