මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුනෙන් දෙක තිබුණත් දේශපාලන උවමනාවක් තිබුණේ නැහැ

    අප්‍රේල් 28, 2015
    එදා තුනෙන් දෙකේ බලයක් තිබිලත් ඔබ, තමුන්නාන්සේලාට බලය වෙනස් කරන්න දේශපාලන උවමනාවක් තිබුණේ නැතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (28) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් පැවසීය.
     
    මේක ඓතිහාසික අවස්ථාවක්. මීට වඩා බලතල ඇතිව පාලනය කළ කාලයක් තිබුණා. විධායක ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට දෙන්නයි මේ හදන්නේ. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සිදු කරනවා. ව්‍යවස්ථාදායක සභාව තුළ අගහමැති, කතානායක, විපක්ෂ නායක තුන්දෙනාම ඉන්නවා. ව්‍යවස්ථාදායකය අනුමත කරන නීතිරීති සභාවට ඉදිරිපත් කළ යුතුයි.
     
    මනාප ක්‍රමය වෙනස් කරන මතයේ අප ඉන්නවා. මනාප ක්‍රමය නැති කරන්න ඕනෑ. මන්ත්‍රීවරයාට කොට්ඨාසයක් තිබිය යුතුයි. හැමෝම පිළිගන්න ක්‍රමයක් සකස් කළ යුතුයි. මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා කළේ අපි. මැතිවරණ ක්‍රමයට අප සම්පූර්ණ සහය දෙනවා. පාර්ලිමේන්තුවට බලය දෙනවා. පාර්ලිමේන්තුවට බලයක් දෙන විට අප විරුද්ධ වන්නේ ඇයි? සියලු දෙනාගේ ම සහය මේ සදහා ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya