මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19ට සහය දී ප්‍රගතිශීලී දේශප්‍රේමීන් බවට පත්වෙන්න

    අප්‍රේල් 28, 2015

    19 වන ව්‍යවස්තා සංශෝධනය සිදු කරන මේ අවස්ථාවේ එයට සහය දක්වමින් ප්‍රගතිශීලී දේශප්‍රේමීන් බවට පත්වෙන්න සියලු දෙනාම කටයුතු කරමු යැයි ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (28) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් පැවසීය.


    එදා ව්‍යවස්ථාව වෙනස් කරන්න වාමාංශික ව්‍යාපාරයේ සියලු දෙනා එකට කදවුරු බැද ගත්තා. එදා අහෝසි කරන්න එකතු වුණ අය අද එය රැකගන්න නීති තර්ක ගේනවා. තුනෙන් දෙකක බලය තිබුණත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොකර 2010දී එය තව තවත් ශක්තිමත් කර ගත්තා.

    19 වන ව්‍යවස්තා සංශෝධනය සම්මත කර ගන්න අවශ්‍යයි. බලය අහෝසි කිරීමේදී ජනාධිපති මුක්තිය අයින් කිරීම අද කරනවා. පාර්ලිමේන්තුවට බලය පවරනවා. පාර්ලිමේන්තුව වගකියනවා පමණක් නොව මෙහිදී පාර්ලිමේන්තුවට උත්තර දිමටත් ජනාධිපතිතුමාට සිදු වෙනවා. මේ සැරේ බලය තිබුණා. මැතිවරණයෙන් පස්සේ අපි අලුත් පාර්ලිමේන්තුවක් බිහිකළ යුතුයි. පාර්ලිමේන්තුවට අවුරුද්දකට පස්සේ තනි මතයට විසුරුවා හරින්න ජනාධිපතිතුමාට බලය තිබුණා. ඒ බලය අද අහෝසි කරනවා. ජේ.වී.පී. එක මේ රටේ යහ පාලනය වෙනුවෙන් යහ පාලනය වෙනුවෙන් ස්ථාවරව නොසැලී සිටීම ගැන සතුටු වෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya