මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායකගෙන් මන්ත්‍රී සජිත්ට අවවාද

    මැයි 08, 2014

    පාර්ලිමේන්තු සභා රැස්වීමේ ප්‍රශ්න ඇසීමේදී අතීතය පිළිබඳවත් සිහියේ තබාගෙන ප්‍රශ්න අසන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතාට අවවාද කළේය.


    සජිත් ප්‍රේමදාස මහතා විසින් යහපාලනය පිළිබඳ ඇසූ පැනයකට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වේගවත් පිළිතුරක් ලබාදීමෙන් අනතුරුව කතානායකවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී එසේ පැවසීය.


    එජාප පාලන කාලයේ විවියන් ගුණවර්ධන මැතිනියට පහර දුන් පුද්ගලයා අධිකරණයෙන් වරදකරු කළ පසුවත් ඔහුට උසස්වීම් ලබාදුන් බවද දිනේෂ් ගුණවර්ධන මහතා සිහිපත් කළේය.


    ලක්ෂ කීයක් වැඩ වර්ජන කළා කියලා එජාප කාලේ රැකියාවෙන් එළියට දැම්මාද? වැරදි බීජ වැපුරුවේ එජාප කාලයේ දීයි. වත්මන් ආණ්ඩුව ඒවා නිවැරදි කරමින් විසඳුම් ලබා දෙමින් තිබෙන බවද කවුරුත් හොඳ දේ වෙනුවෙන් එකතු වී කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya