මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනවසරයෙන් අලි තබාගෙන සිටින අය වැටලීමට පියවර

    මැයි 08, 2014

    මේ වන විට රට තුළ ජාන මංකොල්ලයක් සිදු වන බවත් ලියාපදිංචි නොකර ඇති කරන අලි සම්බන්ධයෙන් රට තුළ වැටලීම් කිරීමේදී ඒ සඳහා සේවක හිඟයක් පවතින බවත් වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජිතමුණු සොයිසා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    වන අලි රැකබලා ගැනීම සඳහා තුන් අවුරුදු හා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. වාස භූමි සුපෝෂණය, දිය වලවල් ඇති කිරීම, නව රක්ෂිත නම් කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම වන සතුන්ගේ ආරක්ෂාවට ගෙන ඇති පියවර වේ. අනවසරයෙන් නිවෙස්වල ඇති කළ අලි පැටවුන් කෑගල්ල හා ඇරැව්වල ප්‍රදේශයෙන් ඇල්ලූ බව පැවසූ අමාත්‍යවරයා අනවසරයෙන් අලි තියාගෙන ඉන්නා අයට එරෙහිව ඉදිරි සති කිහිපය තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya