අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉංග්‍රීසි භාෂා ගුරු පුරප්පාඩු පිරවීමට පියවර ගෙන තිබෙනවා

    මැයි 08, 2014

    මේ වන විට පාසල්වල පවතින ඉංග්‍රීසි භාෂා ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 1048ක් බවත් එය මඟහරවා ගැනීම සඳහා රජය මඟින් පියවර රාශියක් ගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරුදෙමිනි.


    ජාතික හා පළාත් එකඟතාව මත ඉංග්‍රීසි ගුරුවරුන් තුලනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. මේ වන විට ජාතික පාසල්වල ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ගුරු හිඟයට පිළියමක් ලෙස ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන් බඳවා ගත් බවත් තවත් කොටසක් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    පළාත් සභා මඟින් ද ඉංග්‍රීසි භාෂා ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන අතර අලුතින් ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇත. ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට එක් කර ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ගුරු ව්‍යවස්ථාවට පටහැනිව මේ බඳවා ගැනීම් කළ යුතු නිසා කැබිනට් අනුමැතිය ඉල්ලූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya