මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය ගමින් ගමට ගොස් අපනයනකරුවන් ගැන සොයා බලනවා

    මැයි 08, 2014

    අපනයනකරුවන් දැනුවත් කිරීමට හා දිරිමත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ගමින් ගමට ගොස් අපනයනකරුවන් ගැන සොයා බලන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    අපනයන විවිධාංගීකරණය පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කර තිබේ. ඔවුන්ව සියලුම බදුවලින් නිදහස් කර ඇත. ඖෂධ සම්බන්ධ විවිධ නිෂ්පාදන ගණනාවක සෙස් බදු ඉවත් කිරීමත් බදු පැනවීමත් මෙමඟින් සිදු කර ඇත. සෙස් බදු පැනවීමෙන් භාණ්ඩ ආනයනය සීමා කළ හැකියි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 300ක කර්මාන්ත 300ක් ඇරඹීමට ජනාධිපතිතුමා අවසර දුන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    "රිෆ්ලෙක්ෂන් ශ්‍රී ලංකා" ප්‍රදර්ශනය මෙරට පවත්වමින් රටවල් 66ක් එයට එක්කර ගත්තා. අපේ රටේ කර්මාන්තකරුවන් 600ක් මේ ප්‍රදර්ශනයට එක් වූ අතර රටවල් 168ක පමණ අපේ අපනයන හඳුන්වාදීමටත් හැකි විය. මේ මඟින් ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව පැවසූ අමාත්‍යවරයා 2012 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 8355.9ක් ඉපැයූ බව ද සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya