අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ රටේ අපනයනය කඩා වැටී නෑ

    මැයි 08, 2014

    අපේ රටේ අපනයනය කඩා වැටී නැති බවත් වසරින් වසර අපනයනය ඉහළ ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය.


    ඖෂධ නිෂ්පාදනයට අදාළ සෙස් බදු ඉවත් කළේ දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කිරීමටයි. 1980දී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 01යි. 1990දී ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 02යි. 2011 වසර වන විට ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10.5 දක්වා වර්ධනය කරන්න මේ රජයට හැකි වී ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.


    අද ජාතික ප්‍රතිපත්තියක් නෑ කියන විපක්ෂය එදා ත්‍රස්තවාදය ඉවත් කරන්න මේ රජයට වැඩපිළිවෙළක් නැති බවත් පැවසීය. රටේ රැකියා අවස්ථා ඇති බවත් මේ රජය උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya