මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ ආනයනයට බිලියන 38.1ක් වසරකට වැයවෙනවා

    මැයි 08, 2014

    ඖෂධවලින් මේ රටේ නිපදවන්නේ සියයට 14ක ප්‍රමාණයක් වන අතර ආනයනය කරන ඖෂධ නිසා වසරකට රුපියල් බිලියන 38.1ක් වැය වන බවත් විදේශීය ඖෂධ නිෂ්පාදන ඒකාධිකාරයට මුහුණදීමට හැකි වන පරිදි මෙරට ඖෂධ නිෂ්පාදනය වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමිනි.


    පෙති වර්ග 07ක් නිෂ්පාදනයෙන් රුපියල් මිලියන 1001ක් ඉතුරු කර ගත හැකියි. මේ රටේ නිපදවන ඖෂධවලින් රුපියල් මිලියන 3000ක් ඉතුරු වෙයි. ඖෂධ ඇසුරුම් පටල නිෂ්පාදනයට විශාල මුදලක් වැය කරන අතර එම මුදලත් ඉතුරු කර ගැනීමට අවස්ථාව සැලසෙන බවද ඔහු කීය.


    ඖෂධ ප්‍රතිපත්තියක් හා ඖෂධ පාලන මිලක් ඇති කළේ අපේ ආණ්ඩුවයි. විදේශිකයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට කටයුතු කරන බවත් අපනයන ක්ෂේත්‍රය තුළ විශාල වර්ධනයක් ඇති වී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya