මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇතැම් චීවරධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා නිසා සමස්ත සංඝ සමාජයම අපවාදයට

    මැයි 08, 2014

    ඇතැම් චීවරධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් සමස්ත සංඝ සමාජයම අපවාදයට ලක්ව ඇති බවත් විනය විරෝධී සිවිල් හා අපරාධ නීතිය යටතේ වරදකරුවන් වූ අය චීවරධාරීන් ලෙස ශාසනය තුළ දිගටම රැඳීසිටීම බුද්ධ ශාසනය පිරිහීමට හේතුවී ඇති බවත් බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ බව කීය.


    විනය විරෝධී ක්‍රියා සිදුකරනු ලබන චීවරධාරීන් ශාසනයෙන් ඉවත් කිරීමේ බලයක් ඒ ඒ නිකායවල සංඝ සභාවට හෝ මහ නායක හිමිවරුන්ට නොමැති බව තමා දන්නා බව කී ගුණවර්ධන මහතා විනය විරෝධී ලෙස හැසිරෙන චීවරධාරීන් පිළිබඳව කටයුතු කිරීම සඳහා 2004 වසරේදී කථිකාවතක් ලියාපදිංචි කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කළද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද කීවේය.

     

    එම කථිකාවත ලියාපදිංචිය තුළින් බුද්ධ ශාසනයේ ප්‍රවර්ධනය හා විනය විරෝධීව හැසිරෙන චීවරධාරීන්ගේ ක්‍රියා පාලනය කළ හැකි වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya