අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෘහසේවයට විදේශගත වන NVQ සමත් අයට ඉහළ වැටුප්

    මැයි 07, 2014

    ජාතික වෘත්තීය පුහුණු මට්ටම් තුන (NVQ 3) සමත් ශ්‍රමිකයන් මැදපෙරදිග ගෘහ සේවයට යැවීම මඟින් ඇමරිකන් ඩොලර් 350ත් 400ත් අතර ස්ථිර වැටුපක් ලබාදීමට පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    එම පිරිස ගෘහ පාලක සහයකවරුන් ලෙස විදේශගත කිරීමත් ශ්‍රමිකයන්ගේ සේවා සුරක්ෂිතභාවය ඇති කිරීමටත් කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා මැදපෙරදිග රැකියාවලට යන ආසියාවේ රටවල් එකමුතුවෙන් ශ්‍රමිකයන් වෙනුවෙන් නව ගිවිසුම් හා ප්‍රතිපත්ති සකස් කිරීමටත් සේවක සුබසාධන නැංවීමටත් ඉදිරියේදී පියවර ගන්නා බව කීය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya