අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 වන විට මෙරට ඖෂධ නිෂ්පාදනය 50% දක්වා වර්ධනය කිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක

    මැයි 07, 2014

    2016 වන විට මෙරට ඖෂධ නිෂ්පාදනය 50% දක්වා වර්ධනය කිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් එහිදී ඉහළ ප්‍රමිතියෙන් යුත් ඖෂධ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.

     

    මේ වන විට 14%ක ඖෂධ මෙරට නිෂ්පාදනය සිදු කරයි. ඉතුරු ප්‍රමාණය විදේශයන්ගෙන් ආනයනය කරයි. ඒසදහා වසරකට රුපියල් බිලියන 38.1ක මුදලක් වැය කරයි. මේ මුදල අඩුකර ගැනීම රජයේ අරමුණයි. ආනයනය අඩු කරන්න නම් බෙහෙත් නිෂ්පාදන ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි. ඖෂධ නිෂ්පාදනයට අදාළ සෑම අංශයකම ආනයනය වැඩි කළ යුතුයි. ඒ අනුව දේශීය කර්මාන්ත ආරක්ෂා කරන්න මේ රජය කටයුතු කරමින් පවතී. මෙරට සෞඛ්‍ය දර්ශකයන් දකුණු ආසියානු රටවල් හා සන්සන්දනයේද ඉහළ අගයක පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    රටක් ලෙස ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට නම් සුළු අපනයන බෝග නිෂ්පාදනය වැඩි කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya