මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාප සමයේ ඉදිකළ ව්‍යාපෘති කිසිවකට ටෙන්ඩර් කැඳවා නෑ

    මැයි 07, 2014

    මාර්ග ඉදිකිරීමේදී ටෙන්ඩර් කැඳවූයේ නැතැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කළත් ඔවුන්ගේ කාලයේ ඉදිකළ ව්‍යාපෘති කිසිවක් සඳහා ටෙන්ඩර් කැඳවා නැති බවත් මේ රජය ටෙන්ඩර් කැඳවා කටයුතු කළ බවත් මහාමාර්ග, වරාය සංවර්ධන හා නාවුක කටයුතු ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ජාතික මංමාවත් පනත පිළිබඳ නියෝග විවාදයට එක්වෙමිනි.

     

    කටුනායක අධීවේගී මාර්ගය සඳහා එජාප ආණ්ඩුව 1991 දී ජපාන යෙන් මිලියන 568ක ණයක් ලබා ගෙන කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකළේ බෝක්කුවක් පමණයි. නමුත් ඒ ණය සඳහා රජය අදටත් වාරික හා පොලී ගෙවනවා. මේ මාර්ගයට වැය කළ මුදල ඉදිරි වසර 30 තුළ උපයා ගත යුතු බවත් ලබන වසරේදී මේ මාර්ගය දක්ෂිණ අධීවේගී මාර්ගයට සම්බන්ධ වෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

     

    හම්බන්තොට දක්වා ඉදිකරන මාර්ගය පරිසර හිතකාමී ලෙස ඉදිකිරීමට නියමිතය. රටේ සංවර්ධනය හමුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයට සිය ජනතාව නැති වෙන අතර එම සන්ධානය මොන මාර්ග හැදුවත් සතුටු වෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඊළමට යන මාර්ගයයි. ජනාධිපතිතුමා සිටින තුරු එම මාර්ගය හදන්නට කාටවත් හැකි වන්නේ නැහැ. මේ වසරේදී ගොඩගම සිට හම්බන්තොට දක්වාත් නුවර සිට දඹුල්ල දක්වාත් කොළඹ සිට යාපනය දක්වාත් අධිවේගී මාර්ග තුනේ වැඩ කටයුතු ආරම්භ කරනවා. තව වසර තුන හතරකින් මේ මාර්ග විවෘත කරන්නෙත් අපේ ජනාධිපතිතුමා බව මා ආඩම්බරයෙන් කියනවා. ගොඩගම හම්බන්තොට මාර්ගය ඉදිකරද්දී කුඹුරු ගොඩකරන්නේ නැහැ. චෝගම්වලට ගෙනා බස් රථ 50ක් ජනාධිපතිතුමා ලංගමයට ලබා දුන් බවත් එහි ආදායම යන්නේ ලංගමයට බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya