අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 දැයට කිරුළ - රුහුණු විශ්වවිද්‍යාල භූමියේ දී

    මැයි 07, 2014

    2015 දැයට කිරුළ ජාතික සංවර්ධන ප‍්‍රදර්ශනය රුහුණු විශ්වවිද්‍යාල භූමියේ දී පැවැත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවක දී තීරණය කර තිබේ.


    පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් පළාත් අමාත්‍යවරුන් ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, දිසාපතිවරුන්, ප‍්‍රදේශිය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ ද ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ ද සහභාගිත්වයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණ හමුවකදී 2015 දැයට කිරුළ ජාතික සංවර්ධන ප‍්‍රදර්ශනයේ සැලසුම් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

     

    2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප‍්‍රදර්ශනය පිළිබඳ විමසා බැලීම සහ එයට දායක වූ පාර්ශවයන් ඇගයීමත් 2015 දැයට කිරුළ ජාතික සංවර්ධන ප‍්‍රදර්ශනය පිළිබඳ විමසා බැලීමත් වෙනුවෙන් ඉකුත් සඳුදා මෙම හමුව පැවැත්විණි.


    2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප‍්‍රදර්ශනය පිළිබඳ සමස්ත සාධනීය වාර්තාව ද දැයට කිරුළ ජාතික සංවර්ධන ප‍්‍රදර්ශන කමිටුවේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.


    එමෙන්ම ප‍්‍රදර්ශනයේ ජයග‍්‍රාහී ආයතනවලට සම්මාන සහ සහතිකපත් ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.


    2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප‍්‍රදර්ශනයේ හොඳම ප‍්‍රදර්ශන කුටියට හිමි සම්මානය දිනා ගත්තේ පොල් සංවර්ධන අමාත්‍යාංශයයි. දෙවන ස්ථානය නාවික හමුදාවත්, තෙවත ස්ථානය යුද හමුදාවත්, හතරවන ස්ථානය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත්, පස්වන ස්ථානය ගුවන් හමුදාවත්, හයවන ස්ථානය විශේෂ කාර්ය බලකායත්, හත්වන ස්ථානය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත්, අටවන ස්ථානය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයත්, නව වන ස්ථානය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයත්, දහවන ස්ථානය පරිසර අමාත්‍යාංශයත් දිනා ගෙන තිබුණි.


    ප‍්‍රදර්ශනයට සමාගමීව ආර්ථක සංවර්ධන අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක කළ ජංගම සේවයේ හොදම වැඩසටහන් කි‍්‍රයාත්මක කළ ආයතනවලට සම්මාන සහ සහතිකපත් ප‍්‍රදානය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.


    2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප‍්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට දායක වූ කුරුණැගල, කෑගල්ල, පුත්තලම දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රදේශීය ලේකම්වරුන් ඇගයීමටද ලක් කෙරිණි.


    මැතිඇමතිවරුන් සහ රජයේ නිලධාරීන් රැසක් මේ හමුවට එක් ව සිටියහ.


    HC/pmu

    Dayata Kirula Exhibition concludes

    Dayata Kirula Exhibition concludes

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya