මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථික දියුණුව ගැන විපක්ෂයේ එකම මන්ත්‍රීවරයෙක්වත් කතා කරන්නේ නෑ

    මැයි 06, 2014

    අධිවේගී මාර්ග ඉදිකරමින් රට ආර්ථික වශයෙන් දියුණු කිරීමට මේ රජය කටයුතු කළත් විපක්ෂයේ එකම මන්ත්‍රීවරයෙක්වත් ඒ පිළිබඳ ව කතා කරනවා දැක නැති බවත් ශ්‍රී ලංකාවේ ජනතාව සැමදාම රජය ගෙනයන වැඩපිළිවෙළ අනුමත කරන්න ක්‍රියා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පවසයි.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේදී ජාතික මංමාවත් පනතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමිනි.


    මේ රට ආර්ථික වශයෙන් දියුණු කරන්න කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමට පියවර ගත්තා. මේ රටේ මාර්ග පද්ධතිය ඇති කරන සංවර්ධනය ජනතාවට මතක හිටින කරුණක් බවද ඔහු පැවසීය.


    අද මේ රටේ සෑම උප ප්‍රධාන මාර්ගයක්ම ප්‍රතිසංස්කරණය වී ඇත. ගාල්ල, ඔලුවිල්, කන්කසන්තුරේ ඇතුළු දිවයිනේ සියලුම වරායවල් දියුණු කිරීමට පියවර ගෙන ඇත. මංමාවත්, ජල සම්පාදනය, විදුලි බලාගාර දියුණුව මීට අවුරුදු 5කට පෙර තිබුණාට වඩා තුන් හතර ගුණයකින් වැඩි වී තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 400ක ආයෝජනයක් ලෙස ගාලු වරාය දියුණු කර සංචාරක ආකර්ෂණය දිනාගත හැකි පරිදි වැඩිදියුණු කිරීමටත් ඉතා ආකර්ෂණීය නගරයක් ලෙස ගාලු නගරය සංවර්ධනයටත් පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.


    අද සමාජ, අධ්‍යාපනික, ආර්ථික වශයෙන් මේ කලාපයේ අනෙකුත් රටවල් අභිබවා යාමට මේරටට හැකි වී ඇති බවත් මහින්ද රාජපක්ෂ රජයට මේ රට ලෝකයේ දියුණු රටක් බවට පත් කරන්න හැකියාවක් ඇතැයි විශ්වාස කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya