අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් වෙනුවට ප්‍රශ්න හයක් නැඟීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව

    මැයි 06, 2014

    මෙතෙක් පැවති සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය වෙනුවට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන සෑම සතියකම එක් දිනක් හදිසි පොදු වැදගත් කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න හයක් නැඟීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


    ඒ අනුව කතානායකවරයා කරන ලද ප්‍රකාශය මෙසේය:


    2014 අප්‍රේල් මස 24 වැනි බ්‍රහස්පතින්දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එළඹී තීරණයක් අනුව දැනට ක්‍රියාත්මකව පවතින සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව වෙනුවට 2014 මැයි 07 වැනි බදාදා සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන සෑම සතියකම එක් දිනක් හදිසි පොදු වැදගත්කමකින් යුතු කරුණු සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න හයක් එකී නියමිත කාලය තුළදී ඇසීමට ගරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් හය දෙනෙකුට අවස්ථාව සලසා තිබෙන බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.


    ඒ සම්බන්ධයෙන් අදාළ කරගත යුතු මාර්ගෝපදේශ මාලාව සියලුම ගරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ට දැනටමත් ලිඛිතව දන්වා තිබෙන අතර තවදුරටත් සභාවේ දැනගැනීම පිණිස එකී මාර්ගෝපදේශ මාලාව අද දින හැන්සාඩ් නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.


    සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා මාර්ගෝපදේශ මාලාව


    1.   සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන්කළ දිනයේ පැයක කාලයක් වෙන් කළ යුතු අතර, ආණ්ඩු පාර්ශ්ව‍ය සඳහා එවැනි ප්‍රශ්න 03 ක්ද විරුද්ධ පාර්ශ්වය සඳහා ප්‍රශ්න 03 ක්ද වශයෙන්  සභාව කල් තබන  අවස්ථාවේදී ප්‍රශ්න 06ක් පමණක් ඇසීමට අවසර ලබාදිය යුතු ය.

          එවැනි ඕනෑම දිනක් සඳහා  කල් තබන අවස්ථාවේ ප්‍රශ්න අවශ්‍ය ප්‍රමාණය, ආණ්ඩු පාර්ශවය හෝ විරුද්ධ පාර්ශවය විසින් ඉදිරිපත් නොකරන්නේ නම්, අවස්ථානුකූලව ආණ්ඩු පාර්ශවය හෝ විරුද්ධ පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන කිසියම් අතිරේක ප්‍රශ්න සඳහා ඉඩ ලබා දෙනු ලැබේ.

    2.   හදිසි පොදු වැදගත්කමින් යුතු කරුණු සම්බන්ධයෙන් පමණක් සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සීමා විය යුතු අතර එක් දිනකට එවැනි එක් ප්‍රශ්නයක් පමණක් ඇසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අවසර ලබා දිය යුතු ය.

          කල්  තබන  අවස්ථාවේ  ප්‍රශ්නවල  හදිසි පොදු  වැදගත් බව, කථානායකවරයා විසින්  තීරණය කරනු ලැබිය යුතු ය.

    3.   අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නය අත්සන් කර ඇත්නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කල් තබන අවස්ථාවේ ප්‍රශ්න තමන්ගේ අදාළ ප්‍රධාන සංවිධායකවරයන් වෙත ‍ෆැක්ස් මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකි ය.

    සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න ඇසීමට නියමිත දිනට පෙර දින අදාළ ප්‍රධාන සංවිධායකවරයන් විසින් එම ප්‍රශ්න පෙ.ව. 10.00 වන විට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත භාර දෙනු ලැබිය යුතු අතර එකී කල් තබන අවස්ථාවේ ප්‍රශ්න මධ්‍යහන 12.00 වන විට පාර්ලිමේන්තුවේ සභානායකවරයා වෙත යවනු ලැබිය යුතු ය.

    4.   පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් එම ප්‍රශ්න පිළිතුරු සැපයීම සඳහා අදාළ අමාත්‍යවරයන් වෙත යොමු කරනු ලැබිය යුතු ය.   එවැනි ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබාදීමට හෝ නොදීමට ද, එමෙන්ම, අවශ්‍ය වේ නම්,  එකී ප්‍රශ්නය වාචික පිළිතුරු  අපේක්ෂා  කරන ප්‍රශ්නයක් ලෙස ලැයිස්තුගත කරන ලෙස සභා ගර්භයේදී ඉල්ලා සිටීමට ද, අමාත්‍යවරයාට අයිතියක් ඇත්තේ ය.

    5.   සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නයක් අසනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඔහු විසින් දැනුම්දී ඇති ප්‍රශ්නයට පමණක් සීමා විය යුතුය.

    6.        සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්න ඇසීමට අවසර ලබා නොදිය යුතු ය.

    7.   සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ද ස්ථාවර නියෝග අංක 31(1)–(10) දක්වා රීති අදාළ විය යුතුය.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya