අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමසෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලාවේ ගැටලු විසඳීමට පාර්ලිමේන්තු කමිටුවක්

    මැයි 06, 2014

    සමසෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලාවේ කාල සීමාව වසර 04 සිට 03 දක්වා අඩු කිරීම නිසා දැනට උද්ගත වී ඇති ගැටලුව විසඳීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කමිටුවක් පත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාව කතානායක චමල් රාජපක්ෂ මහතාගේ පැසසුමට ලක් විය.


    කතානායකවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේදී සමසෞඛ්‍ය විද්‍යාව හදාරණ සිසුන් දින 135ක් මහපාරේ සිටින බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මේ පිළිබඳව මතුකළ ප්‍රශ්නයට පාර්ලිමේන්තුවේ මැදිහත්වීම පෙන්වා දෙමිනි.


    මෙවැනි ප්‍රශ්නවලට පාර්ලිමේන්තු කමිටුවක් මැදිහත්වීම ඉතාමත් හොඳ බව කතානායකවරයා ප්‍රකාශ කළේ කාලසීමාව අඩු කිරීම නිසා සිසුන්ට අසාධාරණයක් සිදු වී ඇති බව පැහැදිලිව පිළිගන්නා බවට උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පිළිතුරු දුන් පසුවයි.


    වරායේ ප්‍රශ්නයක් නම් යුද හමුදාව යොදවා ක්‍රියාකළ හැකි වුවත් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයකදී එසේ ක්‍රියාකළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.


    පාර්ලිමේන්තුව නියෝජනය කරන කමිටුවක් පත්කිරීමේ අදහසට සහය පළ කළ එජාපයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ඊට තම පක්ෂය සහය දෙන බවද කීය.

     

    සිසුන්ට පුහුණුය ලබා දෙන්නේ වෛද්‍යවරුන් බවත් ඒ අයගේ ඉල්ලීම්වලට ද ඇහුම්කන්දීමට සිදුවන බවත් පෙන්වා දුන් අමාත්‍ය ඒකනායක මහතා මේ ගැටලුව විසඳීමට අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය. මේ ගැන අමාත්‍යාංශය හැටියට තීරණයක් ගත හැකි වුවත් වෘත්තීය සමිතියක් වන වෛද්‍ය සංගමය දැඩි ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් එය මහත් ව්‍යවසනයක් ඇති කිරීමට හේතු විය හැකි නිසා අමාත්‍යාංශය කැමැත්තකින් කටයුතු නොකරන බව අවධාරණය කළේය.

     

    මෙහිදී කථා කළ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා සභාවට දන්වා සිටියේ විවෘත විශ්වවිද්‍යාලයේ හා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මේ පාඨමාලාව හදාරණ සිසුන්ට ශ්‍රී ජයවර්ධනපුර , පානදුර, හෝමාගම යන රෝහල්වලදී සායනික පුහුණුව ලබාදීමට පියවර ගෙන ඇති බවය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya