අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මංමාවත් පනත යටතේ නියෝග අද පාර්ලිමේන්තුවට

    මැයි 06, 2014

    රට අලුත් යුගයකට ගමන් කරමින් පවතින බවත් වරායවල් ඉදිකළ නිසා දහස් ගණනකට රැකියා ලැබී ඇති අතර ඒවායේ ප්‍රතිඵල ලබා ගන්නේ දකුණේ ජනතාව බවත් යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේදී ජාතික මංමාවත් පනත යටතේ නියෝග පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.


    රටක් දියුණු කරන්න අධිවේගී මාර්ග අවශ්‍යයි. කොන්ක්‍රීට්, අධිවේගී මාර්ග ඉදිකරන්න කියා අද මිනිසුන්ගෙන් ඉල්ලීම් ලැබෙනවා. ආණ්ඩුව ප්‍රවාහනය පැත්තෙන් අධිවේගී විප්ලවයක් ඇති කර තිබෙනවා. රටේ වේගවත් සංවර්ධනයක් අධිවේගී මාර්ග නිසා ඇති විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    විපක්ෂය මේවා සමච්චලයට ලක්කරන්නේ කරගන්න බැරි වූ නිසයි. ආසියාවේ ආශ්චර්ය කරා යන මේ ගමනේදී පාරවල් වැඩි වැඩියෙන් හැදීම අවශ්‍යයි. මේ රට හැම පැත්තෙන්ම දියුණුව ලබා ඇත. වරායවල්, අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළවල්, විදුලිබලාගාර ඉදිවෙමින් සමස්ත සංවර්ධනයක් ඇති වී තිබේ. මේවා කරන්නේ ණය අරන් තමයි. මේ රටට ණය ගෙවා ගන්න හැකි නිසා ණය ලබා දෙන බවත් රටත් මිනිසාත් දියුණු කරන වැඩපිළිවෙළක් ඒ මඟින් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya