අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව යුද හමුදා රෝහල ජනපති අතින් විවෘත වේ

    මැයි 05, 2014

    දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය නිමා කර අප මව්බිමට නිදහස හා සාමය ගෙනදුන් රණවිරුවනට උපහාරයක් පිණිස සහ යුද්ධය හේතුවෙන් විවිධ ආබාධයනට ලක්වූ රණවිරුවනට මෙන්ම දැනට සේවයේ නියුතු හා විශ්‍රාමික රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයිනට ප්‍රතිකාර කිරීම සදහා අබිනවයෙන් නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතව නාරාහේන්පිට ඉදිකරන ලද මහල් 10කින් යුත් යුද හමුදා රෝහල අද (05) පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කරනු ලැබීය.

    මෙම ස්ථානයට පැමිණි ජනාධිපතිවරයා විසින් 10.08ට යෙදුණ සුභ මොහොතින් මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව රෝහල් සංකීර්ණයේ සාදා තිබූ සමරු එලකය විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුවේ සවිකර තිබූ පීත්ත පටිය කපා මෙම රෝහල් සංකීර්ණය විවෘත කළේය. අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසුරිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ද සමග නව රෝහල් සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදි මෙම නව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කරනු ලබන ප්‍රථම සෙබළා වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සැරයන් බංඩාර රණවිරුවා ලියාපදිංචි කිරීමද සිදුකරන ලදී.

    අනතුරුව ජනාධිපතිතුමන් ඇතුළු පිරිස එහි ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට සහභාගීවූ අතර එහිදී පළමුවෙන්ම මෙම රෝහල පිළිබඳව කරන ලද ඉදිරිපත් කිරීම පිරිස විසින් නරඹන ලදහ. අනතුරුව මෙයට සමගාමීව තැපැල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නව මුද්දරය හා මුල්දින කවරය එම අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී. මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අමුත්තන්ගේ පොතෙහි අත්සන් කිරීම ද සිදුකරන ලදි.

    අනතුරුව මෙහිදී සිය අදහස් දැක්වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා ශ්‍රී ලංකාවේ සිටින සෙබළ සාමාජිකයින් සදහා වාට්ටු 20කින් හා ඇඳන් 1024කින් සමන්විත මෙම නව රෝහල් සංකීර්ණය ඉදිකිරීම සදහා ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම්තුමා විසින් දෙනු ලැබූ සහයෝගය විශේෂ පැසසුමට ලක් කළේය. රට බේරා ගැනීම සඳහා ඉදිරිපත්ව සිය ශරීරාංගයන් පුජා කළ 30,000ක් පමණ වන සෙබළ ප්‍රජාවට හා ආරක්ෂක හමුදාවන්හි සිටින සියලුම සාමාජිකයින්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔවුන් කරන ලද සේවාවට කෘතවේදීත්වය දක්වනුවස් රෝහල් සංකීර්ණයක් ඉදි කිරීම සම්බන්ධයෙන් සෙබළ ප්‍රජාව වෙනුවෙන් සිය ගෞරවාදර ස්තූතිය පුද කළ යුද හමුදාපතිතුමා මෙම රෝහල ඉදිකිරීම සදහා රුපියල් බිලියන 3.5ක් පමණද ඒ සඳහා අවශ්‍ය අති නවීන උපකරණයන් මිලදී ගැනීම සඳහා තවත් රුපියල් බිලියන 3.5ක් පමණ වැය වු බව ද ප්‍රකාශ කර සිටි අතර මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය හා ශ්‍රම දායකත්වය සම්පුර්ණයෙන්ම යුද හමුදාව විසින් ලබා දුන් බව පැවසු අතර ඒ හේතුවෙන් තවත් රුපියල් බිලියන 3.5ක පමණ මුදලක් ඉතුරු කර ගත හැකි වූ බවද පවසා සිටියේය.

    බාහිර රෝගීන් 1000කට එක්වර ප්‍රතිකාර ලබා ගැනීමට අවශය පහසුකම් මෙම රෝහල සතු බව පැවසූ රත්නායක මහතා ලෝකයේ දියුණුම රට වන ඇමරිකාව වැනි රටවල පවා හමුදා සෙබළුන් සඳහා මෙවැනි පහසුකම් සලසා නොමැති බවද මෙහිදී අවධාරණය කර සිටි අතර මෙම නව රෝහල ඉදි කිරීමේදි ආරක්ෂක ලේකම්තුමාගේ සංකල්පයකට අනුව යමින් ශාරීරික මෙන්ම මානසික සුවය සඳහා ද ඒ අවට පරිසරය මනා සේ සකස් කර ඇති බව පවසා සිටියේය.

    අවසන් වශයෙන් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදියා විනාශ කළ ඉතා දක්ෂ රණවිරුවන් සිටින හමුදාවකට මෙවන් කෘතවේදී ගුණයකින් යුක්තව සලකනු ලබන එකම රට ශ්‍රී ලංකාව පමණක් බවද අවධාරණය කර සිටියේය.

    මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරුන් සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික නිලධාරින් ඇතුළු සෙසුනිලයන් විශාල ප්‍රමාණයක් සහභාගී වුහ.

    HC/mod

    New Army Hospital declared open by President

    New Army Hospital declared open by President 1

    New Army Hospital declared open by President 2

    New Army Hospital declared open by President 3

    New Army Hospital declared open by President 4

    New Army Hospital declared open by President 5

    New Army Hospital declared open by President 7

    New Army Hospital declared open by President 6

     

    New Army Hospital declared open by President 8

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya