අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශු සම්පත් අමාත්‍යාංශයෙන් නව අවුරුදු කෑම මේසයක්

    අප්‍රේල් 21, 2014

    උදා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද  නිමිත්තෙන් පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දි තේ පැන් සංග්‍රහයක් අද (21)  පෙරවරුවේ පැවැත්විණ.


    ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම්, පශූ සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. නිලධාරීන් හා සේවකයින් ‍අමතමින් අමාත්‍යවරයා නව අවුරුද්දට සුභ පැතුම් එකතු කළ අතර, සියලු ම දෙනාගේම යුතුකම හා වගකීම ගෙවුණු අවුරුද්දට වඩා උත්සාහයෙන්  මනාව කටයුතු කිරීම බව එහිදී අමාත්‍යවරයා පැවසීය.

    මේ අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රස් සභාපති, ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් සභා මැති ඇමතිවරුන් හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා ඇතුළු ප්‍රදේශීය ලේකම්වරුන්, අමාත්‍යංශ ලේකම් ටී.කේ. කෑදරගම මහතා හා ලංකා කම්කරු කොංග්‍රස් නිලධාරීන් ඇතුළු අමාත්‍යංශ යටතේ ඇති ආයතන ප්‍රධානින් ඇතුළු උසස් නිලධාරින් හා අමාත්‍යංශ සේවක සේවිකාවෝ සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya