අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වල්ලාපට්ටා තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට

    අප්‍රේල් 21, 2014


    නීති විරෝධී ලෙස ගුවන් මගින් ගෙනයෑමට තැත්කළ රුපියල් තුන්කෝටි අසූහතරලක්‍ෂයක්‌ පමණ වටිනා වල්ලාපට්‌ටා කිලෝ 48ක තොගයක්‌ ඊයේ (20 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුම සුරැකීමේ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    මෙම වල්ලාපට්ටා තොගය ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයෝ දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකීයයෙක් මෙසේ කටුනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත‍. මේ සැකකරුවෝ වයස අවුරුදු 30,40 සහ 55 වියේ පසුවෙති.

    මෙම වල්ලාපට්‌ටා තොගය සුද්දකර ඉස්‌තරම් ලෙස සකස්‌ කරන ලද බර කිලෝග්‍රෑම් 48ක පමණ ප්‍රමාණයකි. මෙම තොගය ඉන්දියාවට ගෙන ගොස්‌ එහි සිට සුවඳ විලවුන් නිෂ්පාදනය කෙරෙන පැරීසිය, අරාබිය වැනි රටවලට යැවීමට අපේක්ෂා කර තිබුණි.

    වනජීවී හා වෘක්‌ෂලතා ආඥපනත යටතේ වල්ලාපට්‌ටා අපනයනය කිරීම තහනම් වේ. මෙය මෙතෙක් රේගුව මඟින් අත්අඩංගුවට ගත් විශාලතම වල්ලපට්ටා තොගය ද වේ.
     

    සැකකරුවෝ ඊයේ (20) උදෑසන යු.එල්. 121 දරණ ශ්‍රීලංකන් ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ගුන්තොටුපොළට පැමිණ ඇති බවත්, මෙම වල්ලා පට්ටා ගමන් මළු තුනක බහා  රැගෙන යාමට උත්සහ කළ බවත් රේගු දෙපාර්තමේන්තුව පවසයි.

    මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ  උපදෙස් මත ක්‍රියාත්මක කර ඇත.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya