ඒ අනුව මහජන බැංකුවේ ගිණුම් හිමියන්ට බැංකුවකට යන කාලය ඉතිරි කර ගනිමින් තම එටිසලාට් ජංගම දූරකතනයෙන් #488# ඇමතීමෙන් යන එන අතර මග තමන්ට අවශ්‍ය බැංකු සේවාවන් දැන් ලබාගත හැක. මේ ඔස්සේ ගිණුම් ශේෂය පරීක්ෂා කිරීම, විමසීම්, මුදල් හුවමාරු කිරීම, චෙක් පොත් සහ ගිණුම් ප්‍රකාශන ඉල්ලුම් කිරීම, ජලවිදුලි හා ගෘහස්ථ උපයෝගීතා බිල්පත් ගෙවීම ඇතුළු සේවාවන් රැසක් මහජන බැංකු ගනුදෙනුකරුවන්ට මේ ඔස්සේ ලබා ගත හැකිය.
දෙපාර්ශවය හා එකඟතා ගිවිසුම පසුගියදා මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී එටිසලාට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් සහ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී එන්. වසන්ත කුමාර් යන මහත්වරුන් අතර අත්සන් කෙරුණි.
ECB