අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‍"ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්" තරගාවලිය අද

    අප්‍රේල් 19, 2014
    "ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්" මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය අද (19) දියතලාව නරියාකන්දේ ධාවන පථයේ දී පැවැත්වේ.
     
    යුද හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 22වැනි වරටය.
     
    වසරේ විශිෂ්ටතම රියැදුරන් හා යතුරුපැදි ධාවකයන් තෝරාගැනීමේ තරගද සමගින් මෝටර් රථ ධාවන තරග හා යතුරු පැදි ධාවන තරග 12 බැගින් පැවැත්වෙන තරගාවලියට ප්‍රධාන පෙළේ ඉන්දීය මෝටර් රථ ධාවකයන් දෙදෙනෙකු, යතුරු පැදි ධාවකයින් තිදෙනෙකු ඇතුළුව දෙස් විදෙස් තරගකරුවන් 200කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිතව ඇත.
     
    මෙම තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය, මෝටර් රථ ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya