මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුසගින්න අවම කළ රටවල් අතුරින් ශ‍්‍රී ලංකාව පෙරට

    ඔක්තෝබර් 15, 2014
    ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ගවේෂණ ආයතනය විසින් නිකුත් කළ ඔවුන්ගේ 2014 නවතම වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාව ලොව කුසගින්න මැනීමේ දර්ශකයේ (GHI) දකුණු ආසියාවේ පළමු තැන හිමිකර ගෙන ඇත.
     
    එම වාර්තාවට අනුව කුසගිනි නිවීම අතින් ලොව හොඳ ම රටවල් අතරට පත්වෙමින් එහි 39 වැනි ස්ථානය ශ්‍රී ලංකාව හිමිකර ගෙන ඇත. ශ‍්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ රටවල් අතර එම දර්ශකයේ 15.1 අගයක් ලබාගෙන පෙරට පැමිණීම විශේෂත්වයකි. 1990 වසරේ ශ‍්‍රී ලංකාව ලොව කුසගින්න මැනීමේ දර්ශකයේ අගය 22.2 ක් වී ඇත. එය වසර 2005 වන විට 16.8 දක්වා අඩු වී ඇත.
     
    ලොව සෑම කලාපයකට ම අයත්වන පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක් යොදා ගනිමින් ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ගවේෂණ ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදු කර ඇත. ආසියානු කලාපයේ බලවත් රටවල් අතර චීනය මෙහි පස්වන ස්ථානය හිමිකර ගෙන ඇති අතර ඉන්දියාව මෙහි 55 වන ස්ථානය හිමි කර ගෙන ඇත.
     
    NDH/mod

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya