මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ජාතියට දායාද කෙරේ Featured

    ඔක්තෝබර් 14, 2014
    ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් දැයට දායාද කිරීම අද (14) පස්වරු 2.00ට යෙදුණු සුබ මොහොතින් සිදු විය.
     
    කර්මාන්ත ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ සංවර්ධනයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පරමාණුක ශක්ති අධිකාරිය මඟින් නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට මුල්ගල් තැබූයේ 2011 ඔක්තෝබර් 07 වනදාය. 
     
    උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේ, නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය බිහිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිදුවන ශීඝ්‍ර සංවර්ධනයට සුවිශාල ශක්තියක් ලබාදිය හැකි බවයි. ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් මෙම සේවාව වෙනුවෙන් පුහුණු කිරීම හා එම සේවා ලබාදීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ පුහුණු හා සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරීම මෙහි ඇති සුවිශේෂීත්වයකි. බොහෝ කලක් සිහිනයක්ව පැවති න්‍යෂ්ටික තාක්ෂණයේ යහපත් යොදාගැනීමක් වන නිර්විනාශක පරීක්ෂණ ක්‍රමවේදය රටේ ස්ථාපිත කිරීම වෙනුවෙන් කැපවූ සිය දෙනාට ද අමාත්‍යවරයා සිය ස්තූතිය පුදකර සිටියේය.
     
    විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් දැන් රටේ ඇති වී තිබෙන  බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. දැනුම් කේන්ද්‍රීය ආර්ථිකයක් රටේ ගොඩනැගීම වෙනුවෙන් චම්පික රණවකයන් දියත් කරන ව්‍යාපෘති ඉතා සුවිශේෂී බවත් ඒවා කාර්යක්ෂමව සහ ඵලදායී මට්ටමෙන් පවත්වාගෙන යාමට එතුමන් කටයුතු කිරීම ඇගයිය යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. මතු පරපුරේ තාක්ෂණික අවශ්‍යතාව වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය ඉතා වැදගත් වන බව ද එතුමන් පෙන්වා දුන්නේය.
     
    නිෂ්පාදිත භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහාත් අඛණ්ඩව සිදු කරන පරීක්ෂා කිරීම් සඳහාත් සේවාවන් පවත්වාගෙන යන අතරතුර සිදු කරන නඩත්තු කිරීම් සඳහාත් කර්මාන්ත ක්ෂේත්‍රයේ බහුල වශයෙන් නිර්විනාශක පරීක්ෂණ යොදා ගැනේ. නිර්විනාශක පරීක්ෂණ යනුවෙන් හඳුන්වන්නේ ද්‍රව්‍යවලට කිසිදු ආකාරයක හානි කිරීමක් සිදු නොකොට ඒවා පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදයකි. විදුලිබල, ගුවන්යානා, රසායනික, රබර්, යන්ත්‍රසූත්‍ර, නැව්, යකඩ, බොයිලේරු, උස් ගොඩනැගිලි, මෝටර් රථ, තෙල්, ගෑස්, ඉන්ධන ගවේෂණ, මහාමාර්ග, සිවිල් ඉංජිනේරු, වෑද්දුම් යන ක්ෂේත්‍රයන් සඳහා මෙම තාක්ෂණය බහුල වශයෙන් යොදා ගත හැකි වේ. මෙම සේවාවන් වඩා දියුණු කිරීම, ඉහළ ප්‍රමිතිය තහවුරු කිරීම හා එමඟින් නිෂ්පාදන ජාත්‍යන්තරව පිළිගත් මට්ටමට ගෙන ඒම මෙමඟින් සිදු කෙරේ. ඉහත සඳහන් ක්ෂේත්‍රයන්හි අයිතිකරුවන් සහ එම සේවකයන්, රටෙහි සිටින රැකියා විරහිත තරුණ තරුණියන් මෙන් ම සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඉඩ සැලසෙන මහජනතාව මෙහි සේවාලාභීන් බවට පත්කිරීම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ අපේක්ෂිත ප්‍රතිලාභයන් වේ.
     
    ඉහළ ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය හා නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, අනපේක්ෂිත ලෙස කර්මාන්ත ශාලාවල නිෂ්පාදන නතර කිරීම් සහ ඒවායේ යන්ත්‍රවල නිරන්තර අලුත්වැඩියාවන් අවම කිරීම යනාදිය සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම මඟින් නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය රටෙහි ජාතික අවශ්‍යතාව කෙරෙහි ඍජුව ම සම්බන්ධ වේ. පුහුණු ශ්‍රම සම්පත ඉහළ නැංවීම මෙන් ම රැකියා විරහිතභාවය අවම කිරීම සහ විදේශ ආදායම ඉහළ නැංවීමෙන් ද ඒ සඳහා දායක වෙයි. අ.පො.ස. උ/පෙ විභාගය විද්‍යා විෂය ධාරාවෙන් සමත් තරුණ තරුණියන්ට නිර්විනාශක පරීක්ෂණ සම්බන්ධ පාඨමාලාවලට සහ අදාළ විභාගවලට සහභාගී වී අවශ්‍ය සහතික ලබාගැනීමට මේ ඔස්සේ හැකි වන අතර තරුණ පරපුර සඳහා මෙරට මෙන්ම පිටරට ද රැකියා අවස්ථා උදාකර ගැනීමට මෙමඟින් අවස්ථාව උදා වේ.
     
    NDH
     
    DSC 4149
     
     
    DSC 4220
     
    DSC 4344
     
    DSC 4418 
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya