මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිබර් අවකාශය පරිගණක සඳහා මෙන් ම තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙවලම් සඳහා භාෂාවන් එක ම ප්‍රමිතියක‍ට Featured

    ඔක්තෝබර් 14, 2014

    සයිබර් අවකාශය පරිගණක සඳහා මෙන්ම තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙවලම් සඳහා ද එක් ප්‍රමිතියක‍ට අනුව භාෂාවන් යොදා ගැනීම වැදගත් වන බව ශ්‍රී  ලංකාවේදී පැවති අක්ෂර ප්‍රමිතිකරණය පිළිබඳ ජාත්‍යන්තර කමිටු රැස්වීමේදී අවධාරණය කෙරේ.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)  හා  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් මෙය සංවිධානය කර තිබිණි.


    අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ (ISO)  අක්‍ෂර කේතනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ  රැස්වීම හා අන්තර්ජාතික විද්‍යුත් තාක්ෂණ කොමිසමේ (IEC) මෙහෙයුම් කමිටු රැස්වීම් පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.


    මෙම ක්‍රියාකාරී කණ්ඩායම්හි  විෂය පථය වන්නේ තොරතුරු තාක්ෂණයේදී  යොදා ගන්නා  කේතනය  ඇතුළත් වන ලෝකයේ සියලු ම භාෂාවල අක්ෂර මාලා සඳහා වූ කේතික අනුලක්ෂණ කට්ටල සකස් කිරීම වන අතර ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය මෙම කේතන සකස් කිරීම සඳහා  යුනිකෝඩ් කණ්ඩායම සමඟ සහයෝගීව කටයුතු  කරනු ලබයි.

     2012  වර්ෂයේදී ශ්‍රී ලංකාවේද සහභාගිත්වයෙන් තායිලන්තයේ දී  පැවැත්වූ මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීමේ දී 2014 අදාළ මෙහෙයුම් කමිටු  හා ක්‍රියාකාරි කණ්ඩායම් රැස්වීම්  ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කරන ලද අතර එම තිරණයට අනුව මෙම රැස්වීම් ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.


    ක්‍රියාකාරි කණ්ඩායමේ රැස්වීමේදී භාෂාවන් ගණනාවක  අක්ෂර මාලා  සංකේතනය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණ. දෙමළ සංකේත (symbols) පිළිබඳව ද සාකච්ඡා කරන ලද අතර සාකච්ඡාවට සහභාගී වූ  ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ මේ පිළිබඳව (ICTA) ආයතනයේ අදහස් ඉදිරිපත් කළහ. දෙමළ සංකේත ISO ප්‍රමිතියේ දෙමළ කේත පිටුවේ නොව පරිපූරක කොටසක ඇතුළත් කළ යුතු යැයි (ICTA) ආයතනය යෝජනා කළේය. මෙම රැස්වීමට දේශීය හා ජාත්‍යන්තර  නියෝජිතවරු 50ක් පමණ සහභාගී වූහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya