අද පස්වරු 4.00ට ඉදිරි පැය 36 සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇති විය හැක. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
ගාල්ලට කොළඹට අනුරාධපුරයට මන්නාරමට නුවරඑළියට මහනුවරට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.
යාපනයට ත්‍රිකුණාමලයට මඩකළපුවට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.
උෂ්ණත්වය හා වර්ෂාපතනය
අද පස්වරු 5.30 වනවිට මි.මී. 22.6ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද මි.මී. 39.9ක වර්ෂාපතනයක් රත්නපුරින් ද මි.මී. 22.7ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 25.3ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමින් ද මි.මී. 42.6ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 9.4ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද වාර්තා වී තිබේ.
හෙට උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.°C ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3°C ත්‍රීකුණාමලය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.2°C නුවරඑළියෙන් ද මි.මී. 88.2ක උපරිම වර්ෂාපතනය වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.
HC