අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පහත් ක්‍රියාවක් කළ කැනඩාවේ කීර්ති නාමය ගැන ප්‍රශ්නයක් තිබෙනවා Featured

    අප්‍රේල් 16, 2014

    පොදුරාජ්‍ය මණ්ඩලයට ලබා දෙන මූල්‍ය ප්‍රදානයන් අත්හිටුවීමට කැනඩාව ගෙන ඇති තීරණය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත් කළ ඉතාමත් අසාධාරණ සහ පවතින සම්ප්‍රදායන් තුළ පහත් මට්ටමේ ක්‍රියාවක් බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා බීබීසී සංදේශයට ප්‍රකාශයක් කර තිබේ.


    මෙය දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් ආත්මාර්ථකාමී ලෙස ලෝක සම්මතයන් වෙනස් කිරීමට දරන උත්සාහයක් බවත් අමාත්‍යවරයා ඊයේ සංදේශයට පවසා ඇත.


    එක්සත් ජාතීන් ගෙන ආ යෝජනාව සම්මත වී එහි උණුසුම යන්නත් කලින් කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩලය හරහා ශ්‍රී ලංකාවට බලපෑම් කර තිබීම ජාත්‍යන්තර වශයෙන් ගත් කළ ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානියක් නොවේදැයි බීබීසි සංදේශය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් විමසා සිටි විට ‘එය කැනඩාවේ කීර්ති නාමය ගැන ප්‍රශ්නයක් බවත් මෙය ඔවුන් සතුව තිබූ වංචනික ලෙස සඟවා ගෙන සිටි න්‍යාය පත්‍රයක එක කොටසක් අහඹු ලෙස එළිදැක්වීමක් වන අතර තමන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම සඳහා වෙනත් දේ එළියට දමමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya