අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් සමඟ මත්තල හරහා උම්රා වන්දනා චාරිකා ඇරඹෙයි

    අප්‍රේල් 16, 2014
    ශ්‍රීලංකන් ගුවන් සමාගම ලොව පුරා ඉස්ලාම් භක්තිකයන්ගේ පූජනීය උම්රා වන්දනාව සඳහා ගුවන් ගමන් පහසුකම් ව්‍යාප්ත කිරීමේ අරමුණින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ප්‍රථම වතාවට ජෙඩා නගරයට යාම සඳහා අවස්ථාව සලසන ලදී. 
    ඒ අනුව එම ආගමික වන්දනා චාරිකා සඳහා ජෙඩා නගරයට යන විශේෂ උම්රා කණ්ඩායමක් පසුගිය සතියේ (අප්‍රේල් 10 වැනි දා) මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව ගියහ. උම්රා වන්දනාවක් සඳහා මත්තල  සිට දිවයිනෙන් පිටත් වූ ප්‍රථම කණ්ඩායම ඔවුන් වීමද විශේෂත්වයකි.
     

     ශ්‍රී ලංකාවේ සිට උම්රා වන්දනා සඳහා පිටත්ව ගිය මෙම කණ්ඩායම 30 දෙනෙකුගෙන් සමන්විත වු අතර, ඔවුන් සියලු දෙනාටම අවශ්‍ය ගුවන් පහසුකම් හා අනෙකුත් සේවා සියල්ල ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු කරන ලදී. මෙම ගමන ආරම්භයේදී ම ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ දැක බලාගැනීමට බැතිමතුන්ට අවස්ථාව උදා විණි. ශ්‍රීලංකන් ගුවන් යානා  මත්තල ගුවන් තොටුපළේ සිට ජෙඩා දක්වා සතියකට එක් වතාවක්  එනම් සෑම බ්‍රහස්පතින්දාවකම  පස්වරු 2:00ට ගුවන් මෙහෙයුම් සිදු කරනු ලබයි. ශ්‍රීලංකන්  ජෙඩා දක්වා සමස්තයක් ලෙස  සතියකට ගුවන් ගමන් වාර 05ක මෙහෙයුම් සිදුකරන අතර, එමගින් මැදපෙරදිග කලාපයට යන සමස්ත මඟීන්ට සියලු පහසුකම් හා ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව උදා වනු ඇත.  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විකුණුම් කළමණාකාර (ඒජන්සි/ගුවන් මඟීන්) ෆවුසාන් ෆාරීඩ් මහතා ප්‍රකාශ කර සිටියේ “ජාතික ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම නිරතුරුවම සමස්ත   ප්‍රජාවගේ  සංචාරක අවශ්‍යතා පිළිබඳව අවධානයෙන් සිටිනවා. අපගේ ඉලක්කය ගුවන් මගීන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගුවන් සංචාරයේ යෙදවීම නො ව ඔවුන්ගේ කැමැත්තට සරිලන පරිදි සුවපහසු ආරක්ෂාකාරි ගුවන් සංචාරයක් ලබා දීමයි. මෙම පුජනීය ස්ථානයන් කරා වන්දනාකරුවන් ගෙන යාමට ශ්‍රීලංකන් කටයුතු කරන්නේ මෙම අවශ්‍යතාවන් සම්බන්ධව මනාව පිළිගැනීමෙන් බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.  මේ පිළිබඳව අදහස් දක්වමින් උම්රා වන්දනා කණ්ඩායමේ නායක මොහමඩ් ඉක්බාර් මරික්කාර් මහතා ප්‍රකාශ කළේ දකුණු පළාතේ උම්රා වන්දනා සඳහා යන සමස්ත බැතිමතුන්ට මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ නිසා විශේෂ පහසුකම් අත්විඳීමට අවස්ථාව උදා වූ බවයි. එසේම කිසිදු තදබදයකින් තොරව ගුවන් සේවා කටයුතු ඉතා උසස් මට්ටමින් සිදුකර දීමට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්යමණ්ඩලය කටයුතු කළ බව ද හෙතෙම සඳහන් කළේය. 

    ශ්‍රීලංකන් ගුවන් යානයේ දී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව උසස් මට්ටමේ ආහාර වේලක් ඇතුළු ආගන්තුක සත්කාර සියල්ල ඉතා හොඳින් සිදුකළ බවද ඒ මහතා පැවසීය. එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආගන්තුක සත්කාරය සහ ආරක්ෂාකාරී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වන්දනා මාන සඳහා පිටත්ව යන මගීන් සේම විදේශීය බැතිමතුන්ගේද ප්‍රසාදය නිරන්තරයෙන් අසන්නට ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya