අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරමුදල් කපාහැරීම පිළිබඳව කණගාටුවට පත්වෙනවා

    අප්‍රේල් 16, 2014
    පොදුරාජ්‍ය මණ්ඩලය සඳහා ලබාදීමට නියමිත අරමුදල් කපා හැරීමට කැනඩා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
     
    ඉදිරියේ දී එම අරමුදල ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ සඳහන් වේ. 
     
    පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතීත්වය දරන ශ්‍රී ලංකාවට විරෝධය පළ කරමින් කැනඩා රජය විසින් ඉදිරි වසර 02 සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය සඳහා ලබා දීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදල කපාහැරීමට තීරණය කරන ලද බව කැනඩා රජයේ විදේශ කටයුතු අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් (John Baird) මහතා පසුගිය 14 වැනි දා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. 
     
    කැනේඩියානු රජය ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කරන බවද ශර්මා මහතා නිකුත් කොට ඇති නිවේදනයේ සඳහන් වේ. 
     
    මෙම අරමුදල මගින් පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල පොදු සහ ස්වෙච්ජා කටයුතුවලට ප්‍රතිපාදන සහ තාක්ෂණික සහය ලබාදීම සිදු වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya