අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    අගෝස්තු 27, 2014
    CIM Examination September - 2014 විභාගය සැප්තැම්බර් 02 හා 03 දිනයන්හි කොළඹ දී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    NCC Examination September - 2014 විභාගය සැප්තැම්බර් 02, 03 හා 04 දිනවලදී කොළඹදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2015 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පවත්වනු ලබන තරග විභාගය - 2014 සැප්තැම්බර් විභාගය ද සැප්තැම්බර් 06 දින කොළඹදී පැවැත්වෙනු ඇත. මේ සඳහා අයදුම්කරුවන් 3571ක් දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

     

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා මධ්‍යස්ථාන ලිපිකරු සේවයේ III වන ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2013 (2014) සැප්තැම්බර් 07 දිවයින පුරා විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 39,848 දෙනෙකු පෙනී සිටිනු ඇත.

     

    ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 විභාගය සැප්තැම්බර් 07, 13 හා 14 යන දිනවලදී කොළඹ පමණක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya