අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපොස උසස් පෙළ ඇගයීම් කටයුතු අගෝ: 30 සිට

    අගෝස්තු 27, 2014
    අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍රවල ඇගයීම් කටයුතු ලබන 30 වෙනි දින ආරම්භ කරන බවත් සැප්තැම්බර් 12 වනදා දක්වා ඇගයීම් කටයුතු සිදු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි. 


    පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 10ක් සම්පූර්ණයෙන් වසා තබනු ඇත. දෙවන අදියර සැප්තැම්බර් 14 දා ආරම්භ කෙරෙන අතර 27 වනදා දක්වා ඇගයීම් කටයුතු සිදු කෙරේ. සම්පූර්ණයෙන් පාසල් 05ක් ද කොටසක් වසන පාසල් 17ක් තුළ ද ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිතය.
    ඌව පළාත් මැතිවරණය හේතුවෙන් එම පළාතේ තිබෙන බදුල්ල විශාඛා බාලිකා විද්‍යාලය සම්පූර්ණයෙන්ම ඇගයීම් සඳහා වසා තැබෙන අතර බණ්ඩාරවෙල සීවලි මහ විදුහල කොටසක් ඇගයීම් සඳහා වසා තැබෙනු ඇත. මේ පාසල්වල සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 10 අතර කාලය තුළ ඇගයීම් කටයුතු සිදු කෙරේ.

    උසස් පෙළ පිළිතුරුපත්‍ර ඇගයීම් කටයුතු සඳහා 21,000ක් පමණ පරීක්ෂකවරුන් යොදවා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය. මධ්‍යස්ථාන 59ක පාසල් 45ක ඇගයීම් කටයුතු සිදු කෙරේ. ඇගයීම් මණ්ඩප 843ක දී ඇගයීම් සිදු කෙරේ.

    පහ වසර ශිෂයත්ව විභාගයේ ඇගයීම් ඊයේ (26) ආරම්භ වූ අතර මධ්‍යස්ථාන 35කදී ඇගයීම් කටයුතු සිදු කරනු ඇත. ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන් 5,796ක් යොදවා ඇති අතර පාසල් 34ක මණ්ඩල 328දී ඇගයිම් කටයුතු සිදු කෙරේ. විභාග දෙකෙහිම ඇගයීම් කටයුතු සිදු කරන කාලය තුළ ඇගයීම් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya