අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමළ ජාතික සංධානය සෙනසුරාදා ඉන්දීය අගමැති හමුවට Featured

    අගෝස්තු 21, 2014

    දෙමළ ජාතික සංධානය (TNA) ඇතුළු දැනට උතුරු පළාත් සභාවේ නියෝජිතයින් 23 වැනි සෙනසුරාදා නව දිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මැතිතුමන් හමුවීමට නියමිතය.


    TNA නායක හා ජ්‍යේෂ්ඨ දේශපාලනඥ ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සැදි මෙම දූත පිරිස අද (21) නව දිල්ලිය බලා පිටත්ව යති.

     

    මෙය මෙම සංධානය පළමු වතාවට ඉන්දීය අගමැතිතුමා සමඟ පවත්වන හමුවයි. TNA විසින් බොහෝ කරුණු සාකච්ඡා කිරීමට අදහස් කරන අතර උතුරු පළාත් සභාව සඳහා වැඩි බලතල පවරන ලෙස ලක් රජයට ඉල්ලීම් ඉදිරිපත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම ඒ අතර මුල් තැනක් ගනී.


    මෙම දූත පිරිස ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ද හමු වී සාකච්ඡා කිරීමට අදහස් කරයි.

     

    තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා මහත්මිය හමු වී උතුරු පළාත සඳහා වැඩි බලතල පවරන ලෙස ලක් රජයට ඉල්ලීම් ඉදිරිපත් කිරීම පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව දෙමළ ජාතික සංධානය පවසන බව ‘හින්දු‘ පුවත්පත පවසයි.


    පළාත සඳහා වැඩි බලතල පවරන ලෙස ප්‍රශ්න මතු කිරීමේදී ජනාධිපතිතුමන් විසින් රාජ්‍ය පක්ෂපාතීත්වයේ ගිවිසුම සමඟ පත් කරනු ලැබූ පළාත් ආණ්ඩුකාරවරයාට එතරම් බලයක් නොදීම පිළිබඳ ව දෙමළ ජාතික සංධානය තම අවධානය යොමු කරන බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya