නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය වෙනුවෙන් ජනපති ගන්නා ක්‍රියාමාර්ගය ආදර්ශයක් Featured

    අගෝස්තු 21, 2014
    තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් ජනතාව සවිබල ගැන්වීමට සහ විධිමත් සමාජ ආර්ථික සංවර්ධනයක් ශ්‍රී ලංකාව තුළ බිහි කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගෙන ඇති ක්‍රියා මාර්ග ලෝකයේ සෙසු නායකයන්ට ආදර්ශයක් බව මයික්‍රොසො‍ෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් මහතා ප්‍රකාශ කරයි.
     
    ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විශ්වාස කරන ලෙසම ප්‍රජාව සංවර්ධනය කිරීම සඳහා තොරතුරු තාක්‍ෂණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව තමා ද විශ්වාස කරන්නේ යැයි ලොව ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් මහතා ලොව විශිෂ්ටතම තොරතුරු තාක්‍ෂණය සම්මානය පිරිනමමින් පසුගිය 18 දා ප්‍රකාශ කළේය.

    සංවර්ධනය වෙනුවෙන් තොරතුරු තාක්‍ෂණය භාවිත කිරීමේදී දුෂ්කරතා සහ අභියෝග රැසක් මතුවෙයි. එම අභියෝග ජය ගනිමින් සියලු දෙනාට තොරතුරු තාක්‍ෂණය සඳහා අවස්ථා ලබා දීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගෙන ඇති පියවර ප්‍රශංසා කළේය. විශේෂයෙන් ඒ තුළින් ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදිත ජනතාවට ආර්ථික සහ සමාජ සංවර්ධන අවස්ථා පුළුල් කිරීමට එතුමා ක්‍රමෝපායිකව මැදිහත්වීම තමා අගය කරන බව බිල් ගේට්ස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. සෑම ජීවිතයකටම සමාන වටිනාකමක් ඇති බව විශ්වාස කරන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම එම දර්ශනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන නායකයෙකු වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාර්යභාරය අගය කරන අතර ම ඔහුගේ එම ප්‍රතිපත්තිය ලොව සියලු දෙනාට ආදර්ශයක් බව අවධාරණය කරයි.
     
    ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහනට හිමි සම්මානය ශ්‍රී ලංකා‍වේ නැණසලට හිමිවිය. එම සම්මානය පිරිනැමීම ප්‍රංශයේ ලියෝන් නුවර ජාත්‍යන්තර පුස්තකාල විද්වතුන්ගේ සමුළුවේදී සිදු කරන ලද අතර, බිල් ගේට්ස් මහතා එහිදී මෙම අදහස් ප්‍රකාශ කළේය.  
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya