මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘද්ධවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවයි

    අගෝස්තු 21, 2014
    සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් වෘද්ධ විද්‍යාව (gerontology) පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කෙරේ.
     
    සමාජ වැඩ, උපදේශනය හා සමාජ සංවර්ධනය උදෙසා අධ්‍යාපනය හා උපදේශනය ලබා දෙන ජාතික සමාජ සංවර්ධන ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙම පාඨමාලාව පවත්වනු ලබයි.
     
    රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාලාභියෙකු වීම සඳහා, වෘද්ධ විද්‍යාව පිළිබඳව සුදුසුකම්ලත් වෘත්තිකයෙකු වීම සඳහා, වැඩිහිටි රැකවරණ ක්ෂේත්‍රයේ පුහුණුකරුවෙකු වීම සඳහා අපේෂිත පුද්ගලයන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලට ගුණාත්මක සේවාවක් ලබා දීමටත්, විදේශ රැකියාවල පවතින රැකියා ඉල්ලුම සපුරාලීම සඳහාත් මෙම ඩිප්ලෝමා පාඨමාලාව ඉතා වැදගත් වනු ඇත.
    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ නීර්ණය අනුව සකස් වී ඇති මෙම පාඨමාලාවට වෘද්ධ විද්‍යාව, සමාජ වෘද්ධ විද්‍යාව, වැඩිහිටි ප්‍රජාව හා සංස්කෘතිය, වයස්ගත වී හා සමාජය, සෞඛ්‍ය හා වයස්ගත වීම, මානසික සෞඛ්‍ය හා වැඩිහිටියන්, සමාජ ප්‍රතිපත්ති හා වයස්ගත වීම යන විෂයන්ගෙන් අන්තර්ගතව පවතී.
     
    ඉහත විෂයන්ට අමතරව මෙම පාඨමාලාවට ක්ෂේත්‍ර පුහුණුවක් හා පාඨමාලාව අවසානයේ පර්යේෂණ නිබන්ධනයක් ඇතුළත්ව ඇත.සති අන්ත පාඨමාලාවක් වශයෙන් මාස 18ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව 2014 සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිත අතර, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීම සිදු කෙරේ.
     
    තමා විසින් ම පිළියෙල කරගත් අයදුම්පතක් ලේඛකාධිකාරී, ජාතික සමාජ සංවර්ධන ආයතනය, අංක 488 ඒ , නාවල පාර රාජගිරිය යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කර පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ හැකිය. වැඩි විස්තර 011-2882506/7 ඇමතීමෙන් ලබා ගත හැකිය.  
     
    ECB/RU_cmu
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya