අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ කටයුතුවලදී ශාරීරික දුරස්ථභාවය පවත්වාගනිමින් සෞඛ්‍ය උපදෙස් වලට අනූව කටයුතු කරන්න - කොවිඩ් සමාජය තුළ සම්ප්‍රෙෂණය වීම වැළැක්වීමට සියලු පියවර ගෙන තිබෙනවා Featured

    ජූලි 13, 2020

    මැතිවරණ කටයුතුවල දී ශාරීරික දුරස්ථභාවය පවත්වාගනිමින් සෞඛ්‍ය උපදෙස් වලට අනූව කටයුතු කරන ලෙසට මැතිවරණයට සම්බන්ධ සියලු පාර්ශයන්ගෙන් ඉල්ලා සිටින බවත් කොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රෙෂණය වීම වැළැක්වීමට සියලු පියවර මේ වනවිට ගෙන තිබෙන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (13) මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසීය.

     

    යුද හමුදාපතිවරයා පවසන පිරිදි කන්දකාඩු සහ සේනපුර කදවුරු දෙකක් යටතේ පවත්වාගෙන යන පිරිසෙන් රදවියන් 220කගේ හැරුණු විට අනෙක් සියලු දෙනාගේම පී සී ආර් පරීක්ෂණ සිදුකර අවසන්ව පෙරේදා වන විට ඒවායෙහි ප්‍රතිඵලද ලැබී තිබේ. කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළමු ආසාදිත පිරිස සොයා ගැනීමත් සමග ඔවුන් බැලීමට පැමිණි පිරිස සහ ස්ථාන කිහිපයක සංචාරය කළ අපදේශිකාව හේතුවෙන් රෝගය සමාජගත වීමේ අවස්ථාවක් පැවතියත්, ඔවුන් සියලුදෙනා සොයාගනිමින් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

    ඇතමුන් මේ වන විට නිවෙස් වලද නිරෝධායනයට ලක්කර ඇත. ඊට අමතරව රාජාංගණයේ අවමංගල්‍යයකට සහභාගී වුණු උපදේශකයාත්, ඔහුගේ පවුලේ අය සහ ඉදිරිපස නිවසේ අය ඇතුළුව ආසාදිතයන් 12 දෙනෙකු මෙන්ම වැලිකන්දේ උපදේශකයෙකුගේ ආශ්‍රිතයන් දෙදෙනෙකුටද රෝගය වැළදී ඇති බවය මේ වන වාර්තා වී ඇත. රැදවියන් දැකබලාගැනීමට 116 දෙනෙකු සමාජයේ විවිධ ප්‍රදේශ වලින් පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනාම මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.

    එමෙන්ම මැතිවරණය ආසන්න වීම හේතුවෙන් මැතිවරණ කටයුතු වලදී ශාරීරික දුරස්ථභාවය පවත්වාගනිමින් සෞඛ්‍ය උපදෙස් වලට අනූව කටයුතු කර ලෙස මෙහිදී සියලුම පාර්ශවයන්ගෙන් යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියි.

    එමෙන්ම වැඩිදුර අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙය හමුදාවක් තුළ සම්ප්‍රෙෂණය වීමක් නොව මෙය පුනුරුත්ථාපන කදවුරක් වන බැවින් එහි ත්‍රිවිධ හමුදාවම මෙන්ම පොලීසිය, සිවිල් කාර්ය මණ්ඩලය ආදීන් සියල්ලන්ම සිටින බැවින් ඔවුන් සියලුදෙනාම පාලනය කරගනිමින් කටයුතු කරන අතර, රෝගය සමාජය තුළ සම්ප්‍රෙෂණය වැළැක්වීමට සියලු පියවර ගැනීමටද සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වලට හැකිවූ බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya