අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්දකාඩුවලින් කොවිඩ් ආසදිතයින් 492ක්- ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් සියලු විස්තර ලබාදෙමින් ජනතාව දැනුවත් කරනවා Featured

    ජූලි 13, 2020

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදු කළ පී සී ආර් පරීක්ෂ්ණ වාර්තා අනුව මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 492ක් වාර්තා වී තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    අද (13) සවස මාධ්‍යවෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය.

    මෙම 492  ගෙන් 429 ක් පුනරුත්ථාපනය වන අය බවත් 47ක් කාර්ය මණ්ඩලයේ අය බවත් තවත් 16ක් ඔවුන් හා සම්බන්ධ වූ අය බවත් හමුදාපතිවරයා පැවසීය. මෙයට රාජංගනයේ අය ද ඇතුළත් බව හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.


    මෙම කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් සියලු විස්තර එදිනම පසුගිය මාස තුන හතර තුළ කටයුතු කළ බවත් ඒ ආකාරයෙන් ම ඉදිරියේ දීත් විස්තර
    ලැබුණු වහාම ශ්‍රී ලාංකිකයන්ට දැන්වීමට අනිවාර්යෙන් ම කටයුතු කරන බවද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya