අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාඩු ලබාදෙන බවට පැතිර යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍යයක්- රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් Featured

    ජූලි 12, 2020

    ආසන්න දින කීපයක් තුළ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරි දිනවල රජය විසින් නිවාඩු ලබා දීමට කටයුතු කරන බවට ගෙන යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.

    මෙවැනි කට කතා සහ සමාජ මාධ්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිල තොරතුරක් පිළිබඳව දැනුවත් කිරීමක් තිබේ නම්, එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවද සඳහන් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා, නිල පුවත් මූලාශ්‍ර මඟින් තහවුරු කළ පුවත් මත පමණක් විශ්වාසය තබන ලෙසත් වගකිව යුතු ජනමධ්‍ය මඟින් පමණක් ලබාදෙන තොරතුරු පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya