අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා හේතුවෙන් වැසුණු ආයතන නගා සිටුවීම පිළිබඳ කඩිනම් වැඩසටහනක්- කඩිනමින් වාර්තාවක් සකස් කිරීමට පියවර Featured

    අප්‍රේල් 18, 2020

    කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ දැනට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති ආයතන සහ දැනට වැඩ කරගෙන යන ආයතන පිළිබඳව කඩිනමින් වාර්තාවක් සකස් කිරීමට පියවර
    ගැනෙයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වාර්තාව සැකසෙන බව නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව, දැනට රට තුළ ලියාපදිංචි වී ඇති සුලු පරිමාණ , මධ්‍ය පරිමාණ , සහ මහා පරිමාණ කර්මාන්තශාලා සහ ආයතන සියල්ල පිළිබඳව තොරතුරු එක් රැස් කෙරෙයි.

    නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (17) පැවැති විශේෂ රැස්වීමකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.


    ඒ අනුව, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා විසින් අදාල වාර්තාව සකස් කොට අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන මහතා මගින් 2020.04.20 දිනට පෙර
    අමාත්‍යවරයා වෙත ලබාදීමට නියමිතය.


    මෙම වාර්තාව සකස් කිරීමේ අරමුණ දැනට නිෂ්පාදන හා සේවා බිඳ වැටී ඇති ආයතනවල වැඩ කටයුතු කඩිනමින් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමය. ඒ සඳහා සවිස්තරාත්මක වාර්තාවක් සකස් කළ යුතුව ඇති හෙයින් එහි සම්බන්ධීකරණ කටයුතුවලට දිවයින පුරා පිහිටි ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය සභාවල සහයෝගය ලබාගන්නා ලෙසත්, එලෙස සකස් කරනු ලබන වාර්තාවෙන් ලබා ගන්නා දත්ත යොදා ගනිමින් දැනට අකර්මන්‍යව ඇති ආයතනවල වැඩ නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරි සැලැස්ම පිළියෙල කරන ලෙසත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙහිදී
    අදාල නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.


    කම්කරු දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍යය සේවාවක් වන හෙයින් මෙම කටයුතු සිදු කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සේවය සදහා පැමිනෙණ ලෙසත්, අනෙකුත් සේවක මහත්ම මහත්මීන් කාලසටහනකට (Roster) අනුව හෝ වෙනත් සුදුසු ක්‍රමවේදයක් අනුව සේවයට කැදවා ආයතනයේ කටයුතු සුමටව කරගන්නා ආකාරය පිළිබඳවත් අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් උපදෙස් දෙන ලදි.


    සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් රැස්කරගැනීම සම්බන්ධව සමාලෝචනයක් ද මෙහිදී සිදුවිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya