මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොන්සියුලර් (ප්‍රදූත) සේවා තාවකාලිකව නතර කිරීමට විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කරයි

    මාර්තු 17, 2020

     විදේශ සබඳතා අමාත්‍යාංශයේ කොන්සියුලර් (ප්‍රදූත) සේවා තාවකාලිකව නතර කිරීමට විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කරයි

     

    මහජනතාව එක් රැස්වීම මඟින් ජනතාව සහ කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසය (COVID-19) පැතිරීමේ අවදානමට ලක් විය හැකි බැවින්, මහජනතාවගේ එක් රැස්වීම සීමා කිරීම සඳහා  රජය ගන්නා උත්සාහයන්ට සහාය දැක්වීම පිණිස 2020 මාර්තු 20 (සිකුරාදා) වන දින දක්වා අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් නතර කිරීමට  විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

     

    ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය සාමාන්‍ය සේවාවන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එහි පැමිණෙන්නන් සඳහා මාර්තු 17 වන දින සිට 20  වන දින දක්වා ඉදිරි දින හතර තුළ වසා තබන අතර, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මරණ සම්බන්ධ සිද්ධි සහ මරණයන්ට අදාළ ලේඛන සඳහා සහාය ලබා දීමට අදාළ විමසීම් පමණක් පූර්ව  අයදුම් කිරීමක් මඟින් වේලාව වෙන් කර ගැනීම මත පදනම්ව භාර ගනු ඇත.

     

    පහත සඳහන් හදිසි දුරකතන ඇමතුම් අංක මඟින් සේවා ලබා ගැනීම සඳහා පූර්ව වෙන් කර ගැනීම් සිදු කර ගත හැකිය:

     

     

    දුරකතන: +94 (011) 2335942

    දුරකතන: +94 (011) 2338847

     

     

     

    විදේශ සබඳතා අමාත්‍යාංශය

    කොළඹ

     

    2020 මාර්තු 16 වන දින

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya